බිනර පුන් පොහොය අදයි

බිනර පුන් පොහොය දිනය අදට (26) යෙදී තිබේ. ශ්‍රී ලංකාවේ 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කර ඇති රජයේ නිවාඩු දින ලේඛනය අනුව බිනර පුන් පොහොය අද සෙනසුරාදා දිනට යෙදී ඇත.බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී දිනයක් ලෙස සැලකෙන බිනර පොහොය, බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් භික්ෂුණී ශාසනය ආරම්භ වීම සිහිපත් කෙරෙන පොහොය දිනයක් ලෙස සැලකේ. මහ ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් පැවිදි වීම එහි ප්‍රධාන ඓතිහාසික සිදුවීමකි. ඒ අනුව අද දිනයේ දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන්, සිල් සමාදන්වීම්, බෝධි පූජා සහ ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

කාලීන පුවත්