රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා ප්‍රධාන රටවල් ඉලක්ක කරගත් පුළුල් සම්බාධක පනත් කෙටුම්පතට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ආර්ථිකය දැඩි ලෙස අඩපණ කිරීමේ අරමුණින් එය ගෙන තිබෙන බවයි.
රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා ප්‍රමුඛතම රටවල් 05ට එරෙහිව 100%ක් දක්වා වන තීරුබදු පැනවීමේ පුළුල් බලය ඉන් ඇමරිකානු ජනාධිපතිවරයාට හිමි වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
චීනය සහ ඉන්දියාව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ඉලක්කය බවයි වාර්තා වෙයි.කෙසේ වෙතත් ස්වභාවික වායු අවශ්‍යතාවෙන් 15% කට වඩා අඩුවෙන් ආනයනය කරන රටවලට එම පනතින් විශේෂ සහනයක් හිමිවෙයි.