ලෝක ප්‍රසිද්ධ කාන්තා මැරතන් තරගාවලියක් වන Raid Amazones වසර දෙකකට පසු යළි ආරම්භ කෙරුණි.මෙවර තරගාවලිය පැවැත්වීම සඳහා තෝරා ගෙන ඇත්තේ මෙරට දකුණු ප්රදේශයයි.
තරගාවලිය පසුගිය දෙවනදා ආරම්භ වූ අතර ලබන 10 වනදා එය අවසන් කිරීමට නියමිතයි.ට්‍රේල් ධාවනය , කැනෝ පැදීම , බයික් ධාවනය ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මීට ඇතුළත්.
ඕනෑම තත්ත්වයක් ජය ගැනීම සඳහා ඊට සහභාගී වන්න්ගේ දරාගැනීමේ හැකියාව මෙන්ම ශක්තිය මැන බැලීම මෙහිදී සිදු වෙයි.
මෙහි කැනෝ පැදීමේ තරගාවලික් ද පැවැත්වූ අතර අමාත්‍ය විජිත හේරත් මහතා ද එම අවස්ථාවට සහභාගී විය.