මන්නාරම මඩු මංගල්‍යය හෙට

ඓතිහාසික හා පූජනීය මන්නාරම මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය හෙට (15) උදෑසන උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.සෑම වසරකම අගෝස්තු 15 වැනිදාට යෙදෙන මඩු මාතාවන්ගේ ස්වර්ගාරෝපිත මංගල්‍යයේ ප්‍රධාන ආශීර්වාද දිව්‍ය පූජාව හෙට (15) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමත්න් මේ වන විටත් මඩු පූජා භූමිය වෙත රැස්ව සිටියි.මෙරට සියලුම ජන කොටස් එකමුතුව සමරනු ලබන මෙම උත්සවය ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සාමය සහ සහෝදරත්වය විදහාපාන සුවිශේෂී ආගමික සංකේතයක් බවට පත්ව තිබේ.

මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ගේ යටිතල පහසුකම්, සෞඛ්‍ය හා ආරක්ෂක කටයුතු තහවුරු කිරීම සඳහා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති අතර පිරිසුදු පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, ප්‍රථමාධාර හා වෛද්‍ය සේවා, සහ විශේෂ පොලිස් ආරක්ෂාව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සම්බන්ධීකරණය කෙරෙයි.

කාලීන පුවත්