හෙද පුහුණුවට අයැදුම්පත් අඩුවෙයි

වසර හතරක පුහුණුව සඳහා හෙද නිලධාරීන් තුන්දහසක් බඳවා ගැනීම සඳහා මෙවර අයැදුම්පත් ලැබී ඇත්තේ 6970ක් පමණකැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. මීට පෙර අවස්ථාවලදී හෙද පුහුණුව ලැබීම සඳහා දළ වශයෙන් ඉල්ලුම්පත් දසදහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇත.

රජයේ රෝහල්වල හෙද නිලධාරි තනතුරට ඉල්ලුම් පත් අඩුවීමට හේතුව කුමක්දැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ හෙද නිලධාරීන්ට රාජකාරිවලදී දැඩි වෘත්තීය පීඩනයක් එල්ල වී තිබීම හේතුකොට ගෙන තරුණ තරුණියන් එම වෘත්තියට ඒමට අකැමැත්තක් දක්වන බවයි. ​​මේ වන විට රජයේ රෝහල්වල හෙද හෙදියන් 65,000ක් පමණ සිටිය යුතු වුවත් සිටින්නේ 37,000ක් පමණක් යැයිද ඔහු පෙන්වා දෙයි.

කාලීන පුවත්