අද(09) පෙරවරුවේ මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයේ සිටි හමුදා සාමාජිකයින් දොලොස් දෙනාගෙන් සයදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනාගේ බේරාගෙන රෝහල්ගත කළ බව අද පෙරවරුවේ වාර්තා විය.අද උදේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව මාදුරුඔය කොමාන්ඩෝ යුද හමුදා කඳවුරේ විසිර යාමේ පෙලපාලියකට යමින් තිබූ මෙම හෙලිකොප්ටර මාදුරු ඔයට කඩා වැටී තිබූ අතර එහි සිටි නියමුවන් දෙදෙනා ඇතුළු හමුදා සාමාජිකයන් සය දෙනා නාවික හමුදාව විසින් බේරා ගනු ලදුව පොලොන්නරුව මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඉන් සය දෙනකු මියගොස් තිබේ.මෙම ගුවන් අනතුරට හේතුව මේ දක්වා වාර්තා වී නොමැති අතර එම විසිර යාමේ පෙලපාලිය ද කල් දමා ඇතැයි වාර්තා වේ.