මැතිවරණ නීති සමාලෝචන මහජන යෝජනා වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණය සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබද කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබේ. මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සදහා විශේෂ කාරක සභාව විසින් පත්කරන ලද විද්වත් කමිටුව විසින් අදාළ වාර්තාව කාරක සභා සභාපති මහාචාර්ය චන්දන අබේරත්න අමාත්‍යවරයා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ සන්නේවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ ආයතන සහ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් මෙන්ම මැතිවරණ සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරකසභා වාර්තා ද එහිදී ගැඹුරින් සමාලෝචනය කර ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ද පුරවැසියන් වෙත සිය සංශෝධන සහ නව යෝජනා ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

ඒ අනුව ඉදිරිපත් කර ඇති විවිධ අදහස් හා යෝජනා සමාලෝචනය කර මාස 2ක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය චන්දන මහතා සදහන් කරයි.

කාලීන පුවත්