2026 තුන්වන කාර්තුවේදී මාකුඹුර පාර්ක් ඇන්ඩ් රයිඩ්(Makumbura Park and Ride) පහසුකමේ වාහන භාවිතය පළමු කාර්තුවට සාපේක්ෂව 54.97% කින් ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බෙදා ගන්නා ලද සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම පහසුකම භාවිතා කරන මුළු වාහන සංඛ්‍යාව පළමු කාර්තුවේ 34,284 සිට තුන්වන කාර්තුවේදී 53,129 දක්වායි ඉහළ ගොස් ඇත.
වසරේ මුල් කාර්තුවේ දෛනික සාමාන්‍යය 380ක් වූ අතර, තුන්වන කාර්තුව වන විට එය 590ක් දක්වා ඉහළ ගොස් තිබේ.පසුගිය අප්‍රේල් 21 වැනිදා බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ බස් සේවාව සමග මාකුඹුර Park & Ride පහසුකම භාවිත කරන වාහන සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පෞද්ගලික වාහන භාවිත කරන ජනතාවට තම දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් තෝරා ගැනීමට අවස්ථාව මෙමගින් සැලසෙනු ඇත.රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහයෝගීතාව තුළින් වඩාත් කාර්යක්ෂම, ජනතා හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවයි ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.