මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දාන්න බැහැ

පෞද්ගලික බස් රථ සඳහා සහන ලබාදීමේ වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට බස් හිමියන් සඳහා විශේෂ සහන පැකේජයක් ඉදිරියේදී හදුන්වා දෙනු මිස බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ කෙසේ වත් සිදු කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.ජනවාරි මාසයේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඇය මේ බව සඳහන් කළාය.බඩු මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටියදී හදිසියේම බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව ඇය වැඩිදුරටත් පැවසුවාය.එහෙත්,පෞද්ගලික බස් රථ හිමියන් පවසන්නේ තමන්ට සහන සැළසීම පිළිබඳව මෙතෙක් රජයේ පාර්ශවයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් ව නොමැති බවකි.

කාලීන පුවත්