රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මෙන්ම කැමැති තැනක වාසය කිරීමේ නිදහස මහජනතාවට තිබිය යුතුයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් මහජනතාවට රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මෙන්ම කැමැති තැනක වාසය කිරීමේ නිදහස ලබාදී ඇති බවත් සෑම රැස්වීමක්ම උද්ඝෝෂණයක් නොවන බවත් සඳහන් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විරෝධතාකරුවන් සාමය කඩවන අයුරින් හැසිරුණ හොත් දණ්ඩ නිති සංග්‍රහයේ මෙන්ම පොලිස් ආඥා පනතේ බලතල ප්‍රකාරව කටයුතු කරන ලෙස අද (03) පොලීසියට නියෝග කළේය. ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිදුකිරීමට නියමිත විරෝධතා ව්‍යාපාරය තහනම් කරමින් ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඬුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමිනි.75 වන නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති අගමැති ප්‍රමුඛ ප්‍රභූ පිරිස් ඇතුළු මහජනතාව සහභාගී වන රාජ්‍ය උත්සවය හෙට(04) ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව ඇති බවත් ඒ හේතුවෙන් මෙම විරෝධතාකරුවන් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය තහනම් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (01) වගන්ති ප්‍රකාරව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් කුරුදුවත්ත පොලීසිය අධීකරණයෙන් ඉල්ලීමක් කොට තිබිණ.

කාලීන පුවත්