රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ වන විට යුක්රේනය ආක්රමණයක් දියත් කිරීමට තීරණය කර ඇති බව තමන්ට විශ්වාසවන්ත ලෙස පැවසිය හැකි බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ප්රහාරයක් සිදුවිය හැකි බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.ජනාධිපති වරයාගේ මෙම තක්සේරුවට පදනම් වී ඇත්තේ කියෙව් අගනුවර ඉලක්ක කරනු ඇතැයි අපෙක්ෂා කරන ලද එක්සත් ජනපද ඔත්තු සේවා තොරතුරු ය..ධවල මන්දිරයේ සිට රූපවාහිනී දේශනයකදී ජනාධිපතිජනාධිපති වරයා වැඩිදුරටත් පැවසුවේ රුසියානු හමුදා ඉදිරි දිනවලදී යුක්රේනයට ප්රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව විශ්වාස කිරීමට එක්සත් ජනපදයට හේතුවක් ඇති බවයි.”මේ මොහොත වන විට ඔහු තීරණය ගෙන ඇති බව මට ඒත්තු ගොස් තිබෙනවා,” ඔහු ජනාධිපති පුටින් සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසීය. මීට පෙර, ජනාධිපතිවරයා සහ ඔහුගේ ඉහළ නිලධාරීන් පවසා ඇත්තේ මෙය එසේම දැයි තමන් නොදන්නා බවයි.එහෙත්, රුසියාවට “තවමත් රාජ්ය තාන්ත්රිකත්වය තෝරා ගත හැකි අතර් තවදුරටත් සාකච්ඡා මේසයට පැමිණීමට ප්රමාද නැත” බව ද ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසීය.