හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි පෙනී සිටි අවස්ථාවේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී විධිමත් ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවස්ථාව සලසා දීම සහ ඒ සඳහා අවශ්‍ය අපනයන බලපත්‍ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් අදාළ සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක (රුපියල් මිලියන 8.1ක) අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.අදාළ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇති අතර, එම විමර්ශනවලට අදාළව මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි මහතා ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.අල්ලස් කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, චෝදනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.