ලබන සඳුදා සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

පොදු මගී සේවා පවත්වා ගෙන යන පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීමට විධිමත් වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකළ නිසා ලබන සඳුදා (06) සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ .සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි ලංගම ඩිපෝ හරහා ඩීසල් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන බවට අවස්ථා ගණනාවකදීම බලධාරින් පොරොන්දු වූ මුත් එම පොරොන්දු ඉටු නොකළ බවත්,පසුගිය දිනවල පැවති අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිසා දරුවන් ගැන සිතා බස් හිමියන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටි මුත් ලබන සඳුදා සිට තම සංගමයේ සාමාජිකයන් බස් ධාවනයෙන් ඉවත් වන බව ගැමුණු විජේරත්න මහතා පැවසීය.

කාලීන පුවත්