සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව එම සමාගම සඳහන් කරයි.ඒ අනුව, පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කෙරෙන බවයි එම සමාගම සඳහන් කරයි.
අවසන්වරට ලාෆ්ස් ගෑස් මිල පසුගිය ජූලි මාසයේදී සංශෝධන කර ඇත.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දැමූ ඇති අතර එහි මිල රුපියල් 4,965ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 512කින් අඩු කිරීමට පියවර ගත් අතර එහි වත්මන් මිල රුපියල් 1,988ක්.