නොරොච්චෝලේ බලාගාරයේ අංක 2 ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අංක 02 ජනන යන්ත්‍රය අද (22) පෙරවරුවේ ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇතැයි, එහි අධ්‍යක්ෂ ඉංජිනේරු එම්.ඩී නාලක කුමාර පවසයි.

ඔහු සඳහන් කළේ අද පස්වරු 3 පමණ වන විට එම ජනන යන්ත්‍රයේ සම්පූර්ණ ධාරිතාව වන මෙගාවොට් 270 ක විදුලි ධාරිතාව ජාතික පද්ධතියට ලබා දීමට අපේක්ෂා කෙරෙන බවයි.

දෛනික විදුලි කළමනාකරණය සම්බන්ධයෙන් තීරණයද අද ලබාදීමට නියමිත බව විදුලි ජනන ලංකා පෞද්ගලික සමාගම ප්‍රකාශ කරයි.

කාලීන පුවත්