වාහන අංක තහඩු මුද්‍ර­ණය ජූනි 10 වැනිදා සිට

වාහන අංක තහඩු මුද්‍රණ කට­යුතු ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම නිල වශ­යෙන් ආරම්භ කරන බව වැඩ බලන මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් ජන­රාල් එන්. දේව­ප්‍රිය මහතා සඳ­හන් කරයි.

ගිවි­සු­ම්ගත කොන්දේසි ප්‍රකා­රව 2026 ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම මෙරට වාහන අංක තහඩු මුද්‍රණ කට­යුතු නිල වශ­යෙන් ආරම්භ වන බවත් එම කට­යුතු නිය­මිත දිනට ක්‍රියා­ත්මක කිරීම පිණිස අදාළ සමා­ගම විසින් මේ වන විටත් මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ වේර­හැර කාර්යාල පරි­ශ්‍රය තුළ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සවි­කර එම කට­යුතු අව­සන් අදි­යරේ පසු­වන බවත් මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

කාලීන පුවත්