දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ලබන සඳුදා (20) සිට පැය එකහමාරකින් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
හෙට (17) සිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්රය අලුත්වැඩියා කිරීමට දින 75 ක කාලයක් සඳහා ක්රියා විරහිත කිරිම ඊට හේතුව බව වැඩිදුරටත් ප්රකාශ කරයි.
ඉදිරියේදි විදුලි කප්පාදුව අවම වශයෙන් පැය 3 යි විනාඩි 40 ක් දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.