විපක්ෂය ණය වලක්වන්න හදනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) ඩොලර් මිලියන 330ක දෙවැනි ණය වාරිකය වන විස්තීරණ ණය පහසුකම දීම සම්බන්ධයෙන් අද (12) දිනයේ සිදු කරන සලකා බැලීම මුල් කොට ජාත්‍යන්තරයේ අවිනිශ්චිතභාවයක් ඇති කිරීමේ අරමුණෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ අවිචාරවත් ලෙස හැසිරෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවැසීය.රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය කඩාකප්පල් කරමින් විපක්ෂය උත්සාහ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වන ණය දීම වලක්වාලීමට බව ද කීය.