විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුධීර හේරත් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම විශේෂඥ ශල්‍ය වෛද්‍ය වරයකු සේම ගත් කතු වරයකු,වෛද්‍ය විද්‍යා ආචාර්ය වරයකු සහ නිදහස් චින්තකයකු ද වන විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුධීර හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් ගාල්ල ජාතික රෝහලේ ( කරාපිටිය ශික්ෂණ රෝහල ) හයේ වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය වරයා ලෙස මහත් ප්‍රසිද්ධියට පත්ව සිටි ඒ මහතා අපගේ ජාතික සංස්කෘතික උරුමයන් සේම වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ පොත් පත් කිහිපයක් සම්පාදනය කොට ඇති විද්වතෙක් ද වෙයි.මිය යන විට හැට හතර හැවිරිදි ඒ මහතා එක් දරු පියෙකි.විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුධීර හේරත් මහතාගේ දේහය මේ වන විට කොළඹ 8,බොරැල්ල බානි රේමන්ඩ් අවමංගල්‍යාගාරයේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට (06) පස්වරුවේ බොරැල්ල කනත්ත සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්