විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි

පොසොන් උත්ස­වය වෙනු­වෙන් ක්‍රියා­ත්මක කළ විශේෂ ප්‍රවා­හන සේවා අද (30) දින­යේත් ක්‍රියා­ත්මක බව ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය පව­සයි.

ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය, මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සහ ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව එක්ව සිදු කරන මෙම විශේෂ සේවා මඟින් වන්ද­නාවේ ගිය බැති­ම­තුන්ට නැවත පැමි­ණීම සඳහා ද පහ­සු­කම් සලසා ඇති බවයි අමා­ත්‍යාං­ශය වැඩිදුරටත් පවසයි.

ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය විසින් අනු­රා­ධ­පු­රය සහ මිහි­න්ත­ලය සිට නැවත කොළඹ ඇතුළු ගම­නාන්ත දක්වා පැමි­ණී­මට විශේෂ බස් රථ යොදා ඇති අතර බස් රථ­වල ගමන් වාර වැඩි කිරී­මට ලංගම පිය­වර ගෙන තිබේ.

විශේෂ දුම්රි­ය කිහි­ප­යක්ද ධාව­න­යට එක්කර ඇති අතර අනු­රා­ධ­පු­රය සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියා­ත්මක වන්නේ දෛනික දුම්රි­යන්ට අම­ත­රව බවයි දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පවසයි.

කාලීන පුවත්