පොසොන් උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවාහන සේවා අද (30) දිනයේත් ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව සිදු කරන මෙම විශේෂ සේවා මඟින් වන්දනාවේ ගිය බැතිමතුන්ට නැවත පැමිණීම සඳහා ද පහසුකම් සලසා ඇති බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අනුරාධපුරය සහ මිහින්තලය සිට නැවත කොළඹ ඇතුළු ගමනාන්ත දක්වා පැමිණීමට විශේෂ බස් රථ යොදා ඇති අතර බස් රථවල ගමන් වාර වැඩි කිරීමට ලංගම පියවර ගෙන තිබේ.
විශේෂ දුම්රිය කිහිපයක්ද ධාවනයට එක්කර ඇති අතර අනුරාධපුරය සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන්නේ දෛනික දුම්රියන්ට අමතරව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.