වීසා නොමැති ඉන්දියානු පකිස්ථානු සහ වෙනත් ජාතිකයෝ මෙරට රැකියාවල

වීසා නොමැති ඉන්දියානු පාකිස්ථානු ජාතිකයන් සැළකිය යුතු පිරිසක් මෙරට අනියම් කාර්මික සහ කම්කරු වෘත්තීන් හි යෙදෙන බවට තොරතුරු ලැබී තිබේ.එමෙන්ම මෑතක සිට ඔවුන් බහුල වශයෙන් සංක්‍රමණය වෙමින් සිටින බවට ද වාර්තා වෙයි.මේ අතර වීසා බලපත්‍ර නැති විදේශිකයන් සහ මෙරට පුරවැසි භාවය අතහැර ඇති ශ්‍රී ලාංකිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අතර ඒ අනුව සිදුකළ වැටලීම්වලදී එවැනි පුද්ගලයන් 60 දෙනෙකු පමණ මෙම මාසයේදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එම පිරිස අතර සිටින ඇතැම් විදේශිකයෝ මෙරට විවිධ අංශයන් හි සේවයේ යෙදි සිටිති. වීසා කාලය අවසන් වු සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්