වී කිලෝවකට රු:120-130ක මිලක්

වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීමට අමතරව සහල් වෙළෙඳ පොළට සැපයීමේ කටයුත්ත සඳහා ද පිවිසීමට තීරණය කර තිබේ.මෙවර යල කන්නයේ වගා කරන ලද වී අස්වැන්නෙන් වී මිල දී ගැනීමට අදාලව රැස් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මිල කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.යල කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීමේ දී ගොවි ජනතාවට ඉහළ මිලක් ලබා දීමත් සහල් නිෂ්පාදනය සඳහා වී අලෙවි මණ්ඩලය ඉදිරිපත් වීම මගින් වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දායකත්වය ලබා දීමත් මෙහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කරයි.මෙවර යල කන්නය සඳහා ද ඉන්දියානු ආධාර යටතේ ලැබුණු යූරියා පොහොර භාවිතයට කාල වේලා නොමැති වීම මත රුපියල් දස දහසකට ලබා ගත හැකි විය යුතු යූරියා පොහොර මිටියක් බාහිරින් මිලට ගැනීම සඳහා ඇතැම් ගොවීන්ට රුපියල් හතලිස් දහසක් ගෙවීමට සිදු වී තිබේ.ඒ සඳහා ඉඩක් නො ලද ගොවීන්ගේ වී අස්වැන්න ඉතා අඩු මට්ටමක පවතින බව ද පැවසෙයි

කාලීන පුවත්