ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානයට නව පනත් කෙටුම්පතක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2026 ජූනි 08වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය ලබාදී තිබෙන බවයි වාර්තා වෙයි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිශ්කාශනය ද හිමි වී තිබේ.

කාලීන පුවත්