සමහරුන් සමාජ මාධ්‍ය කඩු කිනිසි ලෙස යොදා ගන්නේ ඇයි? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය දෙස බලන විට, එය ඉතා රළු සහ ආක්‍රමණශීලී ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. සමාජයේ පවතින අසාධාරණකම්වලට එරෙහිව කඩු කිනිසි වැනි තියුණු විවේචන අත්‍යවශ්‍ය බව ඇතැමුන් තර්ක කළද, මේවා පිටුපස තිබෙන්නේ එම පුද්ගලයන්ගේ ආවේගශීලී සහ කෝපසහගත මානසික පසුබිමයි. අන්තර්ජාලය තුළ සිදුවන මෙම හැසිරීම ‘සයිබර් ට්‍රෝලින්’ (Cyber Trolling) ලෙස හඳුන්වයි. මෙහි මූලික අරමුණ යහපත් අදහස් හුවමාරු කරගැනීම නොවේ. ඒ වෙනුවට සමාජය කලබල කිරීම, අන්තර්ජාලයේ සාමය නැති කිරීම සහ සමාජ ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා චේතනාන්විතවම ප්‍රකෝපකාරී, රළු හෝ අපහාසාත්මක පණිවිඩ මුදාහැරීම මෙහිදී සිදු වේ. ට්‍රෝල් කරන්නන් (Trolls) තමන්ගේ විනෝදය හෝ පටු අරමුණු වෙනුවෙන් අන්තර්ජාලය තුළ අවුල් ජාලාවක්, කෝපයක් සහ කලකිරීමක් ඇති කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරන අතර, මෙය ලොව සෑම සමාජයකම පාහේ දක්නට ලැබෙන තත්ත්වයකි.

මෙම සයිබර් ට්‍රෝල් කරන්නන් තුළ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් දැකිය හැකිය. අනෙකාගෙන් දැඩි කෝපයක් හෝ සංවේගයක් වැනි මානසික ප්‍රතිචාරයක් ලබාගැනීමේ ප්‍රකෝපකාරී චේතනාවෙන් ක්‍රියා කිරීම ඉන් ප්‍රධාන වේ. සැබෑ ලෝකයේ බලපෑම්වලින් බේරීම සඳහා ඔවුන් ව්‍යාජ ගිණුම් (Fake Profiles) පිටුපස සැඟවී සිටීමේ නිර්නාමිකභාවය (Anonymity) අගය කරති. ඇතැමෙක් තමන්ගේ ගිණුම්වලට කිසිවකුට ඇතුළු විය නොහැකි ලෙස අගුළු දමා (Lock කර) සටනට පිවිසෙති. මූලික සංවාදයන් වෙනත් අතකට යොමු කිරීම සඳහා සම්පූර්ණයෙන්ම අදාළ නොවන පිටස්තර මාතෘකා සහ තර්ක ඇද ගැනීමටත්, තමන් නිසා අන් අයට සිදුවන පීඩාව දැක සහකම්පනයක් නොමැතිව සතුටු වීමටත් ඔවුහු පෙළඹෙති. මෙම ලක්ෂණය අනුන්ගේ දුකෙන් සතුටු වීමේ ‘ෂේඩන්ෆ්‍රොයිඩ’ (Schadenfreude) මානසಿಕ තත්ත්වය සමඟ ඍජුවම බැඳී පවතී. කෙසේ වෙතත්, මෙම පහර දීම් නිකම්ම කළ නොහැකි බැවින් ඒ සඳහා කුමක් හෝ මාතෘකාවක් ඇද ගැනීම ද බොහෝ විට සිදු වේ.

බොහෝ දෙනෙක් සයිබර් ට්‍රෝලින් (Cyber Trolling) සහ සයිබර් බුලිං (Cyberbullying) යන වචන එකිනෙකට පටලවා ගත්තද, ඔවුන් ඉලක්ක කරන පාර්ශ්වයන් අතර පැහැදිලි වෙනසක් ඇත. සයිබර් බුලිංවලදී සිදු වන්නේ යම් නිශ්චිත පුද්ගලයෙකු පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව හානි කිරීම, තර්ජනය කිරීම හෝ පහත් කර සැලකීමයි. නමුත් සයිබර් ට්‍රෝලින්වලදී ඔවුන් ඉලක්ක කරන්නේ සමස්ත අන්තර්ජාල ප්‍රජාවන්, කමෙන්ට් තීරු (Comment Sections) හෝ හෑෂ්ටැග් (Hashtags) ය. එහිදී කවුරුන් කලබල වුවද ඔවුන්ට ප්‍රශ්නයක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ කාගෙන් හෝ කිනම් හෝ ප්‍රතිචාරයක් ලබා ගැනීමට පමණි.

බොහෝ දෙනෙක් සයිබර් ට්‍රෝලින් (Cyber Trolling) සහ සයිබර් බුලිං (Cyberbullying) යන වචන එකිනෙකට පටලවා ගත්තද, ඔවුන් ඉලක්ක කරන පාර්ශ්වයන් අතර පැහැදිලි වෙනසක් ඇත. සයිබර් බුලිංවලදී සිදු වන්නේ යම් නිශ්චිත පුද්ගලයෙකු පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව හානි කිරීම, තර්ජනය කිරීම හෝ පහත් කර සැලකීමයි. නමුත් සයිබර් ට්‍රෝලින්වලදී ඔවුන් ඉලක්ක කරන්නේ සමස්ත අන්තර්ජාල ප්‍රජාවන්, කමෙන්ට් තීරු (Comment Sections) හෝ හෑෂ්ටැග් (Hashtags) ය. එහිදී කවුරුන් කලබල වුවද ඔවුන්ට ප්‍රශ්නයක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ කාගෙන් හෝ කිනම් හෝ ප්‍රතිචාරයක් ලබා ගැනීමට පමණි.

මේ සඳහා ට්‍රෝල් කරන්නන් පොදු උපක්‍රම කිහිපයක්ම භාවිතා කරති. කිසිදු හේතුවක් නොමැතිව හෝ සාවද්‍ය හේතු දක්වමින් අනෙකුත් පරිශීලකයින්ට පෞද්ගලිකව පහර දෙමින් අපහාස කිරීම සහ නම් තැබීම ඉන් එකකි. සමාජය කලබලයට පත් කිරීම සඳහා ව්‍යාජ පුවත් හෝ අන්තගාමී කුමන්ත්‍රණ මතවාද (Conspiracy Theories) ප්‍රචාරය කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම තවත් උපක්‍රමයකි. එමෙන්ම, අන්තර්ජාලය තුළ හිතාමතාම ආක්‍රමණශීලී වාද විවාද ඇති කරමින් ගින්නක් ඇවිලවීම සඳහා ‘ෆ්ලේම් වෝ බයිටිං’ (Flame War Biting) උපක්‍රමය ද යොදාගනී. මහජන මතය වෙනස් කිරීමට හෝ යම් නිශ්චිත ආයතනයක හෝ පුද්ගලයෙකුගේ සමාජ ප්‍රතිරූපය වනසා දැමීම සඳහා සම්බන්ධීකරණය කරන ලද ගිණුම් භාවිතා කරන ‘ට්‍රෝල් ෆාම්’ (Troll Farms) වැනි සංවිධානාත්මක කල්ලි සහ කණ්ඩායම් ද මේ සඳහා ක්‍රියාත්මක වේ.

මෙම ට්‍රෝල් කරන්නන් සම්පූර්ණයෙන්ම යැපෙන්නේ අන් අයගේ අවධානය සහ කෝපය මත බැවින්, ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම හෝ ඔවුන් සමඟ තර්ක කිරීම ඔවුන්ව තවදුරටත් දිරිමත් කිරීමක් පමණි. එබැවින් ඔවුන්ව නොසලකා හැරීම (Ignore), අවහිර කිරීම (Block) සහ අදාළ සමාජ මාධ්‍ය ජාලයේ පාලකයන් වෙත එම ගිණුම් වාර්තා කිරීම (Report) වඩාත්ම ඵලදායී උපාය මාර්ග වේ. “ට්‍රෝල් කරන්නන් පෝෂණය නොකරන්න” (Don’t feed the trolls) යන ශිෂ්ට සම්මතය ද මෙහිදී ඉතා වැදගත් වනු ඇත.

මෑතකාලීන මනෝ විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, මෙලෙස අන්තර්ජාලය හරහා අන් අයව පීඩාවට පත් කරන පුද්ගලයන් තුළ “අඳුරු චතුස්කය” (Dark Tetrad) ලෙස හැඳින්වෙන සායනික පෞරුෂ ලක්ෂණ හතරක් බහුලව දැකිය හැකිය. මේවා මානසික ව්‍යාධිවල මූලයන් ද වන බැවින් මේ සම්බන්ධයෙන් සමාජ අවධානය යොමු වීම ඉතා වැදගත් වේ. ඉන් පළමුවැන්න, අනෙකා මානසිකව හෝ කායිකව පීඩාවට පත්වන විට ඉන් තමන් උපරිම වින්දනයක් ලැබීම හෙවත් පීඩක කාමය (Sadism) යි. දෙවැන්න, අනුන් කෙරෙහි කිසිදු සහකම්පනයක් (Empathy) හෝ ලැජ්ජාවක්/බියක් නොමැති වීම හෙවත් මනෝ ව්‍යාධිය (Psychopathy) යි. තුන්වැන්න, තමන් පමණක් අන් අයට වඩා උසස් යැයි සිතීම හෙවත් නාර්සිසිස්වාදය (Narcissism) වන අතර, සිව්වැන්න තමන්ගේ වාසිය වෙනුවෙන් අනුන්ව මෙහෙයවීමට තැත් කිරීම හෙවත් මැකියාවලියානු වාදය (Machiavellianism) සේ දක්වා තිබේ. මෙම ක්‍රියාවන්හි යෙදෙන ඇතැමුන් තුළ මින් එකක් හෝ ඊට වැඩි ගණනක් තිබිය හැකිය.

ලොව පුරා මනෝ වෛද්‍ය සායනික නිගමනවලින් පෙන්වා දෙන්නේ මෙම ගතිලක්ෂණ අතරින් පීඩක කාමය සහ සහකම්පනය නොමැතිකම, සයිබර් ද්වේෂය පිටුපස ඇති ප්‍රධානතම බලවේග වන බවයි. සැබෑ සමාජයේදී යටපත් වී සිටින පුද්ගලයන් අන්තර්ජාලය තුළදී අතිශය ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම කෙරෙහි ‘සබැඳි අසංයම බලපෑම’ (Online Disinhibition Effect) ඍජුවම දායක වන බව ද අනාවරණය වී තිබේ. ව්‍යාජ ගිණුම් භාවිතය නිසා ලැබෙන නිර්නාමිකභාවය හේතුවෙන්, නීතියෙන් හෝ සමාජයෙන් තමන්ට දඬුවම් නොලැබේ යැයි සිතන ව්‍යාජ ආරක්ෂිත හැඟීමක් මොවුන් නිර්මාණය කර ගනිති. මීට අමතරව පවතින අදෘශ්‍යමානභාවය (Invisibility) හේතුවෙන්, තමන් ලියන ද්වේෂ සහගත වදනකින් අනෙක් පුද්ගලයාගේ මුහුණේ ඇඳෙන සැබෑ වේදනාව හෝ කඳුළු සජීවීව දැකීමට ඔවුන්ට නොලැබේ. මෙම පරතරය සහ සහකම්පනයක් නොමැතිකම නිසා, තමන් කරන්නේ බරපතළ මානසික අපරාධයක් බව මානුෂීයව වටහා ගැනීමට ඔවුන්ගේ මනස අපොහොසත් වේ.

නූතන සමාජ මාධ්‍ය සංස්කෘතිය තුළ බහුලව දකින්නට ලැබෙන “සමාජ සංසන්දනය සහ ඊර්ෂ්‍යාව” (Social Comparison & Envy) මෙවන් සයිබර් ප්‍රහාර සඳහා බලපාන තවත් ප්‍රධාන සාධකයකි. බොහෝ පරිශීලකයන් සමාජ මාධ්‍ය තුළ ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ ජීවිතවල සාර්ථකම සහ සතුටුදායකම අවස්ථාවන් ඇතුළත් “Highlight Reels” පමණි. සැබෑ ජීවිතය තුළ ආර්ථික, සමාජීය හෝ පෞද්ගලික අසාර්ථකත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන් අන් අයගේ මෙම සුඛෝපභෝගී ජීවිත පින්තූර සහ තත්ත්වයන් (Status) දකින විට, ඔවුන් තුළ සාපේක්ෂ වංචිතභාවයක් (Relative Deprivation) සහ දැඩි ආත්ම-අනුකම්පාවක් හටගනී. තමන්ට නොමැති දේ අන් අය භුක්ති විඳීම කෙරෙහි ඇති වන මෙම දැඩි ඊර්ෂ්‍යාව සහ මානසික පීඩනය සමනය කරගැනීමට ඔවුන් තෝරාගන්නේ, අදාළ පුද්ගලයාගේ කුමන හෝ අඩුපාඩුවක් උලුප්පා දක්වමින් අපහාසාත්මක ලෙස ද්වේෂය මුදාහැරීමයි. එමෙන්ම වර්තමාන සමාජ සංස්කෘතික ව්‍යුහය මඟින් තමන්ට අගතියක් සිදුව ඇති බවට පීඩාකාරී සිතුවිලි දරන්නෝ ද පහසුවෙන් මේ තත්ත්වයට ගොදුරු වෙති.

මීට අමතරව, සමහරෙක් සැබෑ ජීවිතයේ පවතින පෞරුෂ දුර්වලතා වසා ගැනීමට අවධානය ලබාගැනීමේ උපක්‍රමයක් (Attention-Seeking Behavior) ලෙස ද්වේෂ සහගත අදහස් පළ කරති. සැබෑ සමාජය තුළ කිසිදු පිළිගැනීමක්, ආදරයක් හෝ අවධානයක් නොලැබෙන පුද්ගලයෝ ද ඊට විකල්පයක් ලෙස අන්තර්ජාලය තුළ කැපී පෙනීමට නිරන්තරයෙන් උත්සාහ කරති. සාමාන්‍ය, සමබර අදහසකට ලැබෙන ප්‍රතිචාර (Likes/Comments) වලට වඩා, දැඩි සංවේදී, මතභේදාත්මක හෝ ද්වේෂ සහගත අදහසකට ලැබෙන ප්‍රතිචාර සහ බැණ වැදීම් ප්‍රමාණය අතිමහත් ය. මෙහිදී ලැබෙන ප්‍රතිචාර හොඳද නරකද යන්න ඔවුන්ට වැදගත් නොවේ. තමන් ලියූ දෙයකින් ඩිජිටල් අවකාශයේ විශාල පිරිසක් කැළඹීමට සහ තමන් වෙත අවධානය යොමු කරවා ගැනීමට හැකි වීම තුළින්, ඔවුන්ගේ බිඳුණු පෞරුෂයට තාවකාලික ආත්ම-තෘප්තියක් සහ උත්තේජනයක් ලබා ගැනීම මොවුන්ගේ අරමුණ වී තිබේ.

තනි පුද්ගල මානසික ව්‍යාධීන් කණ්ඩායම් ආවේගයන් බවට පත් කිරීමට නූතන සමාජ මාධ්‍ය ඇල්ගොරිතම (Algorithms) ඍජුවම වගකිව යුතු වේ. මෙම තාක්ෂණික මෙවලම් මඟින් සිදු කරන්නේ එකම වර්ගයේ අන්තවාදී, ක්‍රෝධසහගත හෝ ද්වේෂ සහගත අදහස් ඇති පුද්ගලයන්ව එකම ඩිජිටල් කලාපයකට හෙවත් ‘ප්‍රතිරාව කුටි’ (Echo Chambers) තුළට කොටු කිරීමයි. මෙවැනි සමාන මානසිකත්වයක් ඇති පිරිස් එකිනෙකා හමු වූ විට, “කණ්ඩායම් ධ්‍රැවීකරණය” (Group Polarization) සහ ගෝත්‍රික මානසිකත්වය හේතුවෙන් තනි තනිව සිටිනවාට වඩා වැඩි සාමූහික ධෛර්යයක් සහ ප්‍රචණ්ඩකාරී ආවේගයක් ගොඩනඟා ගනිති. මෙහි ප්‍රතිඵලයක් ලෙස, තමන් පොදුවේ පිළිකතුල් කරන හෝ තමන්ට වඩා වෙනස් මත දරන පුද්ගලයෙකු හෝ ප්‍රජාවක් ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මකව “ඩිජිටල් මැර ප්‍රහාර” (Cyber-Lynchings) දියත් කිරීමට ඔවුන් පෙළඹෙනු දක්නට ලැබේ.

එමෙන්ම මෙම තනි පුද්ගල මානසික ව්‍යාධීන් කණ්ඩායම් ආවේගයන් බවට පත් කිරීමට නූතන සමාජ මාධ්‍ය ඇල්ගොරිතම (Algorithms) ඍජුවම වගකිව යුතු වේ. මෙම තාක්ෂණික මෙවලම් මඟින් සිදු කරන්නේ එකම වර්ගයේ අන්තවාදී, ක්‍රෝධසහගත හෝ ද්වේෂ සහගත අදහස් ඇති පුද්ගලයන්ව එකම ඩිජිටල් කලාපයකට හෙවත් ‘ප්‍රතිරාව කුටි’ (Echo Chambers) තුළට කොටු කිරීමයි. මෙවැනි සමාන මානසිකත්වයක් ඇති පිරිස් එකිනෙකා හමු වූ විට, “කණ්ඩායම් ධ්‍රැවීකරණය” (Group Polarization) සහ ගෝත්‍රික මානසිකත්වය හේතුවෙන් තනි තනිව සිටිනවාට වඩා වැඩි සාමූහික ධෛර්යයක් සහ ප්‍රචණ්ඩකාරී ආවේගයක් ගොඩනඟා ගනිති. මෙහි ප්‍රතිඵලයක් ලෙස, තමන් පොදුවේ පිළිකතුල් කරන හෝ තමන්ට වඩා වෙනස් මත දරන පුද්ගලයෙකු හෝ ප්‍රජාවක් ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මකව “ඩිජිටල් මැර ප්‍රහාර” (Cyber-Lynchings) දියත් කිරීමට ඔවුන් පෙළඹෙනු දක්නට ලැබේ.

මෙය වැන්ඩලිස්මය (Vandalism) නම් සංසිද්ධියට සමාන බව විද්වත් මතයයි. ඒ සම්බන්ධයෙන් ලොව පුරා මනෝ විද්‍යාඥයන්ගේ සහ සමාජ විද්‍යාඥයන්ගේ නවතම නිගමනය වන්නේ, සමාජ ජාලවල ද්වේෂය පතුරුවන්නන් යනු සැබෑ සමාජය තුළ දැඩි ආත්ම-අභිමානයක් නොමැති (Low Self-Esteem), සහකම්පනය සම්පූර්ණයෙන්ම නැති වූ, සහ අන් අයව මානසිකව පීඩාවට පත්කර තමන් තාවකාලික ආශ්වාදයක් ලබන, අතිශය බිඳුණු මානසිකත්වයකින් සහ පෞරුෂ දුර්වලතාවන්ගෙන් යුත් අසරණ පුද්ගල කොට්ඨාසයක් බවයි. නමුත් නිරන්තරයෙන් මෙම ක්‍රියාවලියේ යෙදීමෙන් ඔවුන් සෑහීමකට පත් වෙතැයි සිතීම බරපතළ වරදකි. ඉන් සිදු වන්නේ ඔවුන් තුළ පවතින මෙම මානසික ව්‍යාකූලතා තව තවත් උග්‍ර වීම පමණි. එබැවින් මෙය සමාජයීය ප්‍රවණතාවක් ලෙස ප්‍රවර්ධනය වීම අතිශයෙන්ම හානිකරය.

 

නිතර නොඇසෙන කතා