සිංහල ගීත සාහිත්‍යයේ යතිවර සළකුණ යන අභිධානයෙන් පිදුම් ලද සම්මානනීය ගී පද රචක ග්රන්ථ කතුවර පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් ඊයේ (18) පස්වරුවේ අපවත් වී තිබේ.අසනීප තත්ත්වයක් මත ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට උන්වහන්සේ 76 වැනි වියෙහි පසු වුණි.1950 මැයි මාසයේ 22 වන දින මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසන්නයේ පිහිටි රඹුකන නම් ග්‍රාමයේ ඉපිද පසුව පැවිදි බිමට ඇතුලත් වූ හිමි නමක් වශයෙන් රඹුකන සිද්ධාර්ථ හිමියන් කලා මාධ්‍යයෙන් විශිෂ්ඨ ධර්ම සන්නිවේදනයක් කළ හිමි නමක ලෙස සුවිසල් ප්‍රසාදයකට පත් වී තිබේ.රඹුකන හිමියන් විසින් රචිත සඳ තරු මල් , නුඹට හිතැති නුඹ හිත නැති , ළා දළු බෝපත් , මේ ඉර හද යට හමු වී , සරසවි කදුලු පාය, බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, සෙනෙහස පුදා, ‘බුදු බණ ඇසුවා, මේ ප්‍රේම කතා, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, වෙහෙරක් වගේ, පන්සලේ පල්ලියේ සහ සියක් ආයු ලැබ වැනි ගීත ද මීට අමතරව තව බොහෝ ගීත රචනා කර තිබේ.