ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්ත රජය විසින් 2022 වසරේ දී පවත්වනු ලැබූ සිතුවම් තරගයේ දී එක්තරා සිතුවමකට ප්‍රථම ත්‍යාගය පිරිනමන ලදී. මේ සිතුවම කෘත්‍රිම බුද්ධියේ (Artificial intelligence) උදව් ඇතිව කරන ලද නිර්මාණයක් බව පසුව සොයා ගනු ලැබිණි. මේ සිතුවම් තරගය සංවිධානය කරනු ලබන බලධාරීන් පසුව වසර 150 ක් පැරණි එම තරගයේ නීති පද්ධතියට අලුත් වගන්තියක් එකතු කරමින් නිවේදනය කරනු ලැබුවේ තම නිර්මාණය සඳහා කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගත්තේ ද සඳහන් කළ යුතු බවය.
අද වන විට කෘත්‍රිම බුද්ධිය මගින් තමා කැමති ආකාරයේ සිතුවමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබේ. මේ සඳහා අන්තර්ජාලයේ ඕනෑ තරම් වෙබ් අඩවි ඇත. චිත්‍ර ශිල්පියෙකුට සෑහෙන මුදලක් ලබා දී නිර්මාණය කර ගත යුතු චිත්‍ර තත්පර කිහිපයක් තුළ මේ වෙබ් අඩවි කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරයි. අප කළ යුත්තේ අපට අවශ්‍ය සිතුවම කුමනාකරයෙන් විය යුතුද යන්න කෘත්‍රිම බුද්ධියට පැවසීම පමණි.
කෘත්‍රිම බුද්ධිය දිනෙන් දින මිනිස් සමාජය තුළට ආක්රමණශීලිව පිවිසෙන ආකාරය පිළිබඳ පවසන්නට මෙය එක් නිදසුනක් පමණි. මෙතෙක් කල් පරිගණක ඇසුරින් සිතුවම් නිර්මාණය කරන ලද්දේ මිනිස් බුද්ධිය මගිනි. එහිදී සිදු වූයේ චිත්‍ර ශිල්පියකු විසින් කැන්වසය වෙනුවට පරිගණකයේ අදාළ මෘදුකාංගය භාවිත කිරීම පමණි. එහිදී සිතුවම නිර්මාණය විය යුත්තේ කුමනාකාරයෙන් ද, එහි අන්තර්ගත විය යුත්තේ මොනවාද ආදිය තීරණය කරන ලද්දේ ශිල්පියා විසින්. මෘදුකාංගය මගින් සිතා මතා කිසිවක් එකතු කිරීමේ හැකියාවක් පැවතුණේ නැත. ශ්‍රී ලංකාවේ පවා පොත් පිටකවර නිර්මාණය සඳහා මුල් කාලයේ දී පරිගණකයේ සහාය ලබා ගත් විට ඒ පොත් කවර සඳහා සම්මාන පිරිනැමීම ප්‍රතික්ෂේප කළ කාලයක් තිබිණි. කෙසේ වෙතත් කෘත්‍රිම බුද්ධිය කෙමෙන් කෙමෙන් මිනිස් සමාජය තුළට පිවිසෙන්නට පටන් ගැනීමත් සමග සියල්ල වෙනස් වන්නට පටන් ගෙන තිබේ. ඒ කෘත්‍රිම බුද්ධිය මගින් සිතුවම් නිර්මාණය කරන්නට පටන් ගැනීමත් සමගිනි. ඉහතින් සඳහන් කළ කොලරාඩෝ සිතුවම් තරගයේ දී සෙසු චිත්‍ර ශිල්පීන් මේ සම්බන්ධව සිය දැඩි විරෝධය එල්ල කරන ලද බව ද දැනගන්නට ලැබිණි. කෙසේ වෙතත් තාක්ෂණයට අභියෝග කරන්නට නොහැකි දිනයක් ආසන්නයේම එලැඹෙන බව අකැමැත්තතෙන් වුව සඳහන් කළ යුතුව තිබේ.
අද වන විට කෘත්‍රිම බුද්ධිය මගින් තමා කැමති ආකාරයේ සිතුවමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබේ. මේ සඳහා අන්තර්ජාලයේ ඕනෑ තරම් වෙබ් අඩවි ඇත. චිත්‍ර ශිල්පියෙකුට සෑහෙන මුදලක් ලබා දී නිර්මාණය කර ගත යුතු චිත්‍ර තත්පර කිහිපයක් තුළ මේ වෙබ් අඩවි කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරයි. අප කළ යුත්තේ අපට අවශ්‍ය සිතුවම කුමනාකරයෙන් විය යුතුද යන්න කෘත්‍රිම බුද්ධියට පැවසීම පමණි. අපි නිදසුනක් ගනිමු. මේ නිදසුන සඳහා මෙහිදී යොදා ගන්නේ https://ideogram.ai/ නම් වෙබ් අඩවියයි. ඔබට හිරරු පායා එන සුන්දර උදෑසනක සිතුවමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය යැයි සිතන්න. ඔබට සිතුවම් නිර්මාණය කරන්නට හැකියාව නැතත් හිරු පායා එන උදෑසනක් පිළිබඳ ඔබ තුළ යම් පරිකල්පනීය සිතුවමක් මැවේ. ඔබ සිටින්නේ කඳුකර පළාතක නම් කන්ද කපා හිරු නැගීම, මීදුම් ස්වභාවය, පක්ෂීන් ඉගිළ යාම, ගහ කොලවල තෙත් බව, පිණි බිඳු වැනි දේ ඔබ සිත තුළ මැවේ. දැන් ඔබට අවශ්‍ය වන්නේ මෙවැනි විස්තරයක් ඉහත කී වෙබ් අඩවියට ලබා දීම පමණි. මෙහිදී පහත ආකාරයේ විස්තරයක් ඉංග්‍රීසි බසින් ලබා දිය හැකිය.
sun rising morning drawing, sun is emerging above the mountain, dim light around, grasses wet with dew, birds flying for foods, leaves of the trees wet with dew, Asian surrounding
එවිට ඉර නැගෙන දර්ශන හතරක සිතුවම් ලබා දෙනු ලැබූ අතර මේ සඳහන් වන්නේ එයින් එකකි. මෙය තව සවිස්තරාත්මක වන තරමට ලබා ගත හැකි සිතුවම ද ආකර්ෂණීය කර ගත හැකිය.
මේ ආකාරයට මිනිසාගේ මැදිහත් වීමකින් තොරව කෘත්‍රිම අකාරයෙන් සිතුවම් නිර්මාණය කිරීම පිළිබඳ මිනිස් ඉතිහාසය මුළුල්ලේ ම උත්සාහයන් දරනු ලැබූ බව පෙනෙන්නට තිබේ. එහි ඉතිහාසය ග්‍රීක ශිෂ්ටාචාරය කරා දිව යයි. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ඩීඩලස් සහ ‘ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීරයා’ නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයා අකුරු ලියන, චිත්‍ර අඳින ශබ්ද නිර්මාණය කරන, සංගීතය නිර්මාණය කරන යන්ත්‍ර නිපදවූ බවට තොරතුරු ලැබේ. ලෝකය තුල කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සංකල්පය පහළ වන්නේ 1950 දශකයේ ය. එතැන් පටන් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ මේ කාර්යය කර ගැනීම සඳහා මිනිසා විවිධ උත්සාහයන් දරා ඇති බව පෙනෙන්නට තිබේ. මුල් කාලයේ මේවා හඳුන්වන ලද්දේ ‘ඇල්ගොරිදම සිතුවම්’, ‘පරිගණක සිතුවම්’, ‘ඩිජිටල් සිතුවම්’ ආදී නම්වලිනි. කෙසේ වෙතත් මේ සෑම තාක්ෂණයක් පසුපසම මිනිස් ශ්‍රමය ය යම් පමණකින් යොදන්නට සිදුවිය. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිතුවමක් නිර්මාණය කරගැනීම සඳහා මුලින්ම උත්සාහය දරා ඇත්තේ 1960 දශකයේ දී බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පියකු වූ හැරල්ඩ් කොහෙන් ය. ඔහු කැලිෆෝර්නියා සරසවියේ දී මේ සඳහා පරිගණක වැඩසටහනක් නිර්මාණය කළේය. ඔහු එයින් ඉතාමත් ප්‍රාථමික මට්ටමේ සිතුවම් නිර්මාණය කර ගැනීමට සමත් වූයේය. 2010 වැනි කාලයේ දී Deep learning නම් තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය සමග ඒකාබද්ධ කෙරිණි. Deep learning තාක්ෂණයේ දී සිදුවන්නේ මිනිස් මොලයේ සිදුවන සංකීර්ණ ස්නායු ක්රියාකාරීත්වයන් අනුකරණය කිරීමය. එමගින් මිනිස් මොලයේ ස්නායු ක්‍රියාකාරිත්වය යම් පමණකට ලබා ගත හැකි වූ බැවින් ඒ සමග කෘත්‍රිම බුද්ධිය මුසු කිරීමෙන් වඩාත් ඉහළ මට්ටමේ සිතුවම් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබිණි. මෙය තව තවත් වැඩිදියුණු වී අද අන්තර්ජාලය ඔස්සේ වඩාත් පහසුවෙන් සිතුවම් නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබී තිබේ.
අද වන විට සමාජ මාධ්‍ය පුරා ද කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද සිතුවම් බොහොමයක් සංසරණය වෙයි. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දැනුමක් නොමැති නිසා මේවා යම් පුද්ගලයකු විසින් කරන ලද නිර්මාණ යැයි සලකා අදහස් දක්වනු ද දකින්නට ලැබේ. තාක්ෂණය පිළිබඳ දැනුම නොමැති වීම නිසා කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද සිතුවම් විවිධ වංචාවන් කරන්නට ද යොදා ගත හැකිය. කුමක් හෝ වාසනාවකට යම් නිර්මාණයක් සිදු කරන ලද්දේ කෘත්‍රිම බුද්ධිය අනුසාරයෙන්දැයි දැන ගැනීම සඳහා වෙබ් අඩවි ද තිබේ.
අප කෘත්‍රිම බුද්ධිය කෙතරම් උත්කර්ෂයට නැංවූව ද සුප්‍රකට ප්‍රකෝටිපතියකු වූ ඉලොන් මස්ක් කෘත්‍රිම බුද්ධිය දකින්නේ මානව සංහතියට තර්ජනයක් ලෙසිනි. කෘත්‍රිම බුද්ධියෙන් සිතුවම් නිර්මාණය කිරීමේ තාක්ෂණය ඉදිරි කාලයේදී තවත් තවත් දියුණු වනවා මිස ආපසු හැරීමක් සිදුවන්නේ නැත. විවිධ කාර්යයන් සඳහා සිතුවම් අවශ්‍ය පුද්ගලයන් මෙතෙක් කල් චිත්‍ර ශිල්පියකුට සැලකිය යුතු තරම් මුදලක් ලබා දී එය සිදු කරවා ගත්ත ද අද වන විට එය නොමිලයේ හෝ ඉතා සුළු මුදලක් ගෙවා ඒ කාර්යය කර ගත හැකි තත්ත්වයක් උදා වී තිබේ. එය ඍජුවම චිත්‍ර ශිල්පීන්ගේ බඩට පහර වැදීමකි. ඔවුන්ගේ රැකියා අහිමිවී යාමේ තර්ජනයකි. ඔබ සතුව පැරණි ඡායාරූප ඇත්නම් ඒවා නවීකරණය කරන්නට කලකට පෙර ග්‍රැෆික් ශිල්පියකුගේ පිහිට පැතිය යුතු වුවද, අද වන විට එවැන්නක් වර්ණ ගන්වා, වඩාත් සුපැහැදිලි තත්ත්වයට පත් කරන්නට කෘත්‍රිම බුද්ධියට ගතවන්නේ තත්පර කිහිපයකි. කෙසේ වෙතත් එය වළක්වා ගත හැකි ක්‍රමයක් නැත. එහෙයින් ඉලොන් මස්ක් එවැන්නක් පැවසීමේ වරදක් පෙනෙන්නේ නැත.
අද වන විට සමාජ මාධ්‍ය පුරා ද කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද සිතුවම් බොහොමයක් සංසරණය වෙයි. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දැනුමක් නොමැති නිසා මේවා යම් පුද්ගලයකු විසින් කරන ලද නිර්මාණ යැයි සලකා අදහස් දක්වනු ද දකින්නට ලැබේ. තාක්ෂණය පිළිබඳ දැනුම නොමැති වීම නිසා කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද සිතුවම් විවිධ වංචාවන් කරන්නට ද යොදා ගත හැකිය. කුමක් හෝ වාසනාවකට යම් නිර්මාණයක් සිදු කරන ලද්දේ කෘත්‍රිම බුද්ධිය අනුසාරයෙන්දැයි දැන ගැනීම සඳහා වෙබ් අඩවි ද තිබේ. එබැවින් අනාගත පරම්පරාවට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දැනුම සමග, එයට නොරැවටී සිටින්නේ කෙසේද යන දැනුමද ලබා දීම තුළින් අනාගතයේ ඇති විය හැකි ගැටලු බොහොමයක් නිරාකරණය කර ගත හැකි වනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක