සියලුම වී වර්ගවල මිල ගණන් පහළට

සියලුම වී වර්ගවල සාමාන්‍ය ගොවිපොළ මිල ගණන් පහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කීරි සම්බා සඳහා රුපියල් 12 ක උපරිම මිල පහළ යාමක් දක්නට ලැබෙන බව එම ආයතනය විසින් මැයි මස 15 වැනිදා සිට 21 වැනිදා දක්වා නිකුත් කරන ලද ‘සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණිකාවේ’ සඳහන් වේ. එමෙන්ම බොහොමයක් දේශීය සහල් වර්ගවල මිල සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

 

කාලීන පුවත්