බදුල්ල නානුඔය දුම්රිය ගමන් යළි අද සිට

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇත. ඒ අනුව අද (20) සිට විශේෂ කාලසටහනක් යටතේ නානුඔය සිට බදුල්ල දක්වා මගී දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරෙනු ඇත. අඹේවෙල සහ නානුඔය අතර දැඩි නායයෑම් හේතුවෙන් අඩි 65ක් ගැඹුරට සහ අඩි 100ක් පළලට ගිලා බැස තිබූ දුම්රිය මාර්ග කොටස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ දුම්රිය ඉංජිනේරු කණ්ඩායම් එක්ව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇත.මීට පෙර බදුල්ල සහ අඹේවෙල දක්වා පමණක් සීමා වී තිබූ දුම්රිය ධාවන කටයුතු, විශේෂ දුම්රිය කාලසටහනක් යටතේ නානුඔය දක්වා දීර්ඝ කර තිබේ.මගී ප්‍රවාහනය ආරම්භ කිරීමට පෙර පසුගිය 17ද මෙම ප්‍රතිසංස්කරණය කළ මාර්ග කොටසේ පරීක්ෂණ දුම්රියක් සාර්ථකව ධාවනය කර ආරක්ෂිත බව තහවුරු කර ගැනුණි.

කාලීන පුවත්