PHP පරිඝණක භාෂාව භාවිතයෙන් සංවර්ධනය කරන ලද වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල පවතින ආරක්ෂක දුර්වලතා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සියලු රාජ්ය ආයතන වෙත, චක්රලේකයක් නිතුත් කර තිබේ.ඒ ඩිජිටල් ආර්ථික අමාත්යාංශය විසින් ය.
සියලුම අමාත්යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් සභා ප්රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, සියලුම දෙපාර්තමේන්තු ප්රධානීන්, සියලුම සංස්ථා, ව්යාවස්ථාපිත ආයතන සහ රජය සතු සමාගම්වල ප්රධානීන් වෙත මෙම චක්රලේකය නිකුත් කර තිබේ.
මෙරට 70% කට වැඩි රාජ්ය ආයතන වෙබ් අඩවි හා වෙබ් යෙදුම් සංවර්ධනය කිරීමට මෙම PHP පරිඝනක භාෂාව යොදාගෙන තිබේ.
ඒ අනුව වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සංවර්ධනය කිරීම සඳහා බහුලව භාවිත වන PHP පරිඝනක භාෂාවට අදාළව හඳුනාගෙන ඇති ආරක්ෂක දුර්වලතා කෙරෙහි වහාම අවධානය යොමු කරන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සියලුම රජයේ ආයතන වෙත දැනුම් දී තිබේ.
මෙම ආරක්ෂක දුර්වලතා හේතුවෙන්, අනවසරයෙන් පද්ධති වෙත ප්රවේශ වීමේ, දත්ත සොරකම් කිරීමේ සහ ක්රියාකාරීත්වයට බාධා ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවත් අදාළ චක්රලේඛයේ සඳහන් වෙයි.