සෞදි අරාබියේ රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරටට පැමිණෙන හෝ එහි පදිංචිව සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.යේමනයේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරට රජය ලබාදෙන උපදෙස් පිලිපදින ලෙසට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවදුරටත් දැනුම් දෙයි.
ඒ අනුව, තහවුරු නොකළ පුවත්, වීඩියෝ හෝ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු කිරීමෙන් වළකින ලෙසත්, තහවුරු කළ මූලාශ්‍ර පමණක් විශ්වාස කරන ලෙසත්, තානාපති කාර්යාලය පවසයි.රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සාමාන්‍ය පරිදි සිය කටයුතු සිදු කරගෙන යන අතර, කොන්සල් සේවා ආශ්රිත සහාය සඳහා තානාපති කාර්යාලයේ 054 947 7567 හදිසි ඇමතුම් අංකයෙන් තොරතුරු ලබාගත හැකියි.
සෞදි අරාබියේ රියාද් හි කිං කාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ යේමනයේ ඒඩන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත එල්ල වූ හූති ප්රහාරයන් සමඟ ගුවන් සමාගම් රැසක් සිය ගුවන් වාර අවලංගු කිරීමට පියවර ගන්නාලදි.
සෞදි අරාබියේ අබ්හා ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරවලින් මොරොක්කෝ සහ අල්ජීරියානු ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබාඇත.මෙම ප්‍රහාරයෙන් සෞදි ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු මියගොස් තිබේ.එසේම කොළඹ සිට රියාද් අතර ගුවන් සේවා ද මේ වනවිට ක්‍රියාත්මක වන්නේ නැහැ.