හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය අද(21) සිට

පොසොන් පුන් පොහොය දිනය නිමි­ත්තෙන් වාර්ෂි­කව සංවි­ධා­න කරන හෝමා­ගම ධර්ම රශ්මි පොසොන් කලා­පය හෙට (21) සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.

දිය­ගම, පිටි­පන, දාම්පේ, මීගොඩ, ගොඩ­ගම, පනා­ගොඩ, හෝමා­ගම ආව­ර­ණය වන පරිදි කිලෝ­මී­ටර 13ක් පුරා පැති­රෙන පරිදි මෙවර පොසොන් කලා­පය සංවි­ධා­නය කර ඇත.

පොසොන් කලා­පය සඳහා මුද්‍රිත හා ඩිජි­ටල් අනු­ග්‍රා­හ­ක­ත්වය ලේක්හ­වුස් ආය­ත­නය මඟින් සප­යනු ලැබේ. විද්‍යුත් මාධ්‍ය අනු­ග්‍ර­හය ස්වාධීන රූප­වා­හි­නිය, ජාතික රූප­වා­හි­නිය සහ ජාතික ගුවන් විදු­ලිය මඟින් සප­යනු ලැබේ. මේ පහන් කූඩු තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යන් සඳහා රුපි­යල් ලක්ෂ 40ක මුදල් තෑගි පිරි­නැ­මී­මට කට­යුතු යොදා තිබේ. හෝමා­ගම ශාස­නා­ර­ක්ෂක බල­ම­ණ්ඩ­ලය, ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය, ජන­මාධ්‍ය, ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය, බස්නා­හිර පළාත් සභාව, හෝමා­ගම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය, හෝමා­ගම ප්‍රාදේ­ශීය සභාව, හෝමා­ගම කලාප අධ්‍යා­පන කාර්යා­ලය, ශ්‍රී ලංකා යුද හමු­දාව සහ ශ්‍රී ලංකා පොලි­සිය ඒකා­බ­ද්ධව ධර්ම රශ්මි පොසොන් කලා­පය සංවි­ධා­නය කරයි.

කාලීන පුවත්