අක්කර පනහට අඩු තේ වගා කරුවන්ට පොහොර සහනාධාරයක්

මේ වන විට ක්‍රියාත්මක අක්කර 10ක් දක්වා වූ තේ වතු සඳහා පමණක් ලබා දෙන පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම සිදු කළ යුතු අතර නමුත් දැනට තේ සඳහා නිසි පරිදි පොහොර යෙදීමට තේ වගාකරුවන් පියවර නොගන්නා නිසා තේ දළු අස්වැන්න ක්‍රමානුකූලව අඩු වීමක් පෙන්නුම් කෙරෙන බව වාර්තා වීම මෙම තීරණයට හේතු වී තිබේ.මේ හේතුවෙන් අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා පොහොර වර්ග තුනක මිල ගණන් වෙළෙඳපළේ පවතින මිල ගණන්වලට වඩා සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

කාලීන පුවත්