අට වෙනි වරටත් “උඩරට මැණිකේ පිට පනී”

උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් අද (09) දහවල් පිලී පැනීමට ලක්ව තිබේ.නාවලපිටිය පාලක මැදිරිය සඳහන් කරනුයේ නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ එන්ජිම සහිත කොටස මෙසේ පිලි පැනීමට ලක්ව පැවැති බවකි.මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පවතින බවත්, දුම්රිය සේවකයන් විසින් පිලී පැනීමට ලක් වු දුම්රිය යළි පිලිගත කිරීමේ කටයුතුවල නිරතව ඇති බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.මෙම වසරේ ගෙවී ගිය කාලය තුළදී උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් හතක් සිදුව ඇති අතර මෙය අසාමාන්‍ය තත්වයක් බව අපි මින් පෙර ද පෙන්වා දී ඇත්තෙමු.

කාලීන පුවත්