උඩරට දුම්රිය මාර්ගය අදත් අවහිර වේ

උඩරට දුම්රිය මාර්ගයට දෙමෝදර සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතරදී අද (09) උදෑසන පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනය අවහිර වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා දුම්රිය මාර්ග සේවකයන් මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුව නිසා උඩරට මාර්ගයේ දුම්රියයන් ධාවනය වීම ප්‍රමාද විය හැකි බව ද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ උඩරට දුම්රිය මාර්ගයට වරින්වර පස් කදු කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමනාගමනයට විටින් විට දැඩි බාධා එල්ල වී තිබුණි.

 

කාලීන පුවත්