උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% ලෙසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළේය.

මේ අතර, ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම අගය 2023 දෙසැම්බර් මාසයේදී 0.3%ක් ලෙස සඳහන් විය.

කාලීන පුවත්