උද්ධමනය තවත් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේදී සියයට 4.2ක් වූ උද්ධමනය ජනවාරි මාසයේදී මෙලෙස සියයට 6.5ක් දක්වා ඉහළ ගියේය.

එසේම දෙසැම්බර් මාසයේදී සියයට 1.6ක් වූ ආහාර උද්ධමනය ජනවාරි මාසයේදී 4.1ක් දක්වා ඉහළ ගොස් ඇත.එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද ජනවාරි මාසයේ ඉහළ ගොස් තිබූ අතර එය සියයට 8.5ක් ලෙස සටහන් විය.

කාලීන පුවත්