මෙම වසරේ ඔක්තොම්බර් මාසයේදී හෙද හෙදියන් 2847ක්, 2028 වර්ෂයේ මාර්තු මාසයේදී හෙද හෙදියන් 1949ක්, අගෝස්තු මාසයේදී හෙද හෙදියන් 2920ක් සඳහාත් පත්වීම් ලබා දීමට සැලසුම් කර තිබේ.
මෙරට ප්‍රථම හෙද විදුහලවන කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායම සඳහා හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී ඊයේ (25) පෙරවරුවේ පැවැත් විය.හෙද සිසු සිසුවියන් සදහාවන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසර සාර්ථකව අවසන් කරන ලද සිසුසිසුවියන් 210 දෙනෙකු සඳහා මෙහිදී හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීම සිදු කරනලදි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම උත්සවය මගින් සේවයට කැපවීම සංකේතවත් කරන බවත්, ඉතාමත් වගකීම් සහගත වෘත්තියට මෙම කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළත්වන සුවිශේෂී අවස්ථාවක් ලෙස තමා මෙම අවස්ථාව දකින බව ද පවසයි.එමෙන්මමෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව සැලසුම් සහගතව,අනාගතය පිළිබදව දැක්මක් සහිතව සංවර්ධනය වෙමින් පවතින වකවානුවක මෙම ශිෂ්‍ය කණ්ඩායම හෙද වෘත්තීයට පිවිසීම අතිශය වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද සඳහන් කරයි.
මෙරට හෙද සේවාව සඳහා පුළුල් කණ්ඩායමක් බදවා ගැනීමට කටයුතු මේවන විටත්දියත්කර ඇති බවත් ඒ අනූව මෙරට දුවා දරුවන් 3000 පමණ අළුතින් හෙද විදුහලවලට ඇතුළත් වීම සදහා ඉල්ලුම් කරමින් සිටින බවද පවසයි.
2030 වර්ෂයවන විට හෙද සේවාවට 13600ක් බඳවා ගැනීමට සැලසුම්කර ඇති බවද ළ අමාත්‍යවරයා සිහිපත් කරනලදි.එම ඉලක්කයෙන් 50% ක් මෙම වර්ෂය අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවද සඳහන් කර සිටියි.හෙද සේවාවට ඇතුළත් වන සියලු දෙනාගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති බව ද මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන හෙද විදුහල්ල සියල්ල සංවර්ධනය කිරීමටද පියවර ගන්නා බවද සඳහන් කරයි.
හෙද විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා උසස් අධ්‍යපන අමාත්‍යාංශය සමග මේවන විට සැලසුම් කරමින් සිටින බව ද සදහන්කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කණ්ඩායම තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලැබීමට පෙර එම සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද පවසයි.
හෙද සේවාව ගෞරවනීය වෘත්තියක්බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සියල්ල ලබා දෙමින් සැලසුම් සහගතව ඉදිරියට යන බවද වැඩිදුරටත් සඳහන් කරයි.මෙහි දී අමාත්‍යවරයා පළමු වසරේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසු හෙද හෙදියන්ට සම්මානද ප්රදානය කිරීමටද එක් විය.
2021 සිසු හෙද කණ්ඩායමට අමතරව කොළඹ හෙද විදුහල තුළ 2020 සිසු හෙද කණ්ඩායමේ 160 දෙනෙකු සහ 2022 සිසු හෙද කණ්ඩායමේ 215ක් මේවන විට අධ්‍යයන කටයුතුවල නිරතව සිටියි.