ඔහිය අනවසර ඉදිකිරීම් තහනම් කරයි

බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට නිරික්ෂණය වූ බව පැවසූ ජනාධිපතිවරයා එම තත්ත්වය වහා වලක්වා නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

කාලීන පුවත්