කරාපිටිය රෝහල ගැන සුව ඇමති කියූ කතාව

ජාතික රෝහලට පසු වැඩිම ඇදන් සහිත රෝහල බවට කරාපිටිය රෝහල පත් කරන බවත්, 2024 වසරේ උපකරණ සහ ගොඩනැගිලි සදහා රුපියල් කෝටි 200 ක මුල්‍ය ප්‍රතිපාදන ලබා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමයේ 11 වන සංවත්සරික උත්සවයට සහභාගි වෙමිනි.

මෙම උත්සවය ඊයේ (11) ගාල්ල වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

වකුගඩු රෝගී පවුල්වල දරුවන්ට රුපියල් 10,000 ක් පමණ වටිනා පාසල් උපකරණ ලබාදීම, පරිත්‍යාගශීලින් ඇගයීම සහ කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමයේ නිලධාරීන් ඇගයීමට ලක් කර සමරුඵලක ලබාදීමට සහ සංගමයේ නිල තේමා ගීතය එළිදැක්වීම ද සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරාපිටිය රෝහලේ උපකරණ සහ ගොඩනැගිලි සදහා මේ වසරේ රුපියල් කෝටි 100 බැගින් කෝටි 200 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවයි. එමෙන්ම මේ වසරෙන් පසු කරාපිටිය රෝහලේ කිසිම රෝගියෙකුට ඇදක් නොමැතිව සීටීමට ඉඩ නොතබන බවත්, අවශ්‍ය සියළු ඇඳන් ලබා දී ජාතික රෝහලට පසු වැඩිම ඇඳන් සහිත රෝහල බවට කරාපිටිය රෝහල පත් කිරිමට පියවර ගන්නා බව ද පැවැසීය.

කාලීන පුවත්