කැලණිතිස්ස බලාගාරය සති 6කට වැසේ

කැලණිතිස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සඳහා ඊයේ(17) සිට සති 06ක කාල සීමාවක් දක්වා වසා දමා තිබේ.

කැලණිතිස්ස බලාගාරය මෙගාවොට් 165ක ධාරිතාවකින් සහ නැප්තා ඉන්ධනවලින් ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, කැළණිතිස්ස සංයුක්ත විදුලි බලාගාරය මෙරට විදුලි පද්ධතියට එක් වූයේ 2002 වසරේ සිටය.

මේ අතර නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත.

කාලීන පුවත්