චීනයෙන් ශ්‍රී ලංකාවට වකුගඩු රෝගීන් පරීක්ෂා කරන ජංගම විද්‍යාගාර 8 ක්

රුපියල් මිලියන 100 ක් වටිනා අති නවීන නිදන්ගත වකුගඩු රෝග (CKD) පරීක්‍ෂණ වාහන (ජංගම විද්‍යාගාර) අටක් ශ්‍රී ලංකාවට චීනය විසින් පරිත්‍යාග කරන ලද අතර මිලියන 660 ක් වටිනා එම වාහන ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග බලපෑමට ලක් වූ ප්‍රදේශ 8 ක් සඳහා යොමු කරවන ලදි.

අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල මෙම ජංගම විද්‍යාගාර යෙදවීමට නියමිතය.

සෑම CKD පරීක්‍ෂණ වාහනයක්ම ශීතකරණ, ජෛව රසායන විද්‍යා විශ්ලේෂකය, විද්‍යුත් විශ්ලේෂකය, අන්වීක්ෂය, අධෝරක්තවිද්‍යා විශ්ලේෂකය, මුත්‍රා විශ්ලේෂකය, ජල පිරිපහදු පද්ධතිය, අල්ට්‍රා සවුන්ඩ් රෝග විනිශ්චය ස්කෑනිං පද්ධතිය සහ කේන්ද්‍රාපසාරී ඇතුළු වෘත්තීය උපාංගවලින් සමන්විතය.

කාලීන පුවත්