ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසියම් හෙලි නොකළ රෝගයකින් පෙලෙනවා ද යන සැකයක් මේ වනවිට සංසරණය වෙමින් තිබෙනු දැකගත හැකි වේ. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ඔහු නිතර නිතර වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙනී සිටින ආකාරයක් දකින්නට ලැබීම යි.
මෙයට ටික දිනකට පෙර එනම් මැයි 26 වැනි දින ද ඔහු මෙවැනි වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගොස් තිබිණි.
මෑත කාලයේ ඇමරිකාවේ ජනාධිපතිවරුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යන්නේ මේරිලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇති වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට යි. ජනාධිපතිවරුන් ගේ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා පහසුකම් ධවල මන්දිරයේ තිබුණත් සීටී ස්කෑන් පරීක්ෂණ, එම් ආර් අයි පරීක්ෂණ, හෘදයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ පරීක්ෂණ ආදී වඩා බරපතල වෛද්‍ය පරීක්ෂණ සඳහා ඔවුහු වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයට යති.

ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂණය සඳහා ගොස් තිබුණේ 26 වැනි දින වුවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වන ෂෝන් බාර්බබෙලා නිල මාධ්‍ය නිවේදනය නිකුත් කළේ ඊට දින තුනකට පසු 29 වැනිදා යි. එම නිවේදනයෙන් පැවසුණේ ට්‍රම්ප් ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව යි. නමුත් මෙම නිවේදනය අසම්පූර්ණ නිවේදනයක් බවත්, ඇතැම් වැදගත් කාරණා වසන් කර ඇති බවත් සමහර පාර්ශ්ව පෙන්වා දී තිබිණි.
එමෙන්ම මෙම නිවේදනය නිකුත් කිරීමට දින තුනක් ප්‍රමාද වීම ද ඇතැමුන් තුළ සැක මතු කිරීමට හේතු වී තිබූ බව පෙනිණි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂාවකට මුහුණ දුන් විට එදිනම වාගේ ඒ පිලිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලබයි. ට්‍රම්ප් ගේ මෙවර වෛද්‍ය පරීක්ෂාව පිලිබඳ නිවේදනය නිකුත් කිරීමට පමා වූයේ එහි යම් කරුණු සැඟවීමට අවශ්‍ය වූ නිසා විය හැකි බව ඇතැම් විශ්ලේෂකයන් සඳහන් කර තිබිණි.
මෙම නිවේදනය නිකුත් කෙරුණු වේලාව සම්බන්ධයෙනුත් ඇතැමුන්ට ප්‍රශ්නයක් තිබූ බව දැකගන්නට ලැබුණි. එය නිකුත් කර තිබුණේ සිකුරාදා රාත්‍රි 9 ට පමණ ය. ඒ ආකාරයෙන් රෑ බෝ වී එය නිකුත් කෙරුණේ වැඩි දෙනාගේ අවධානයට හසු නොවනු පිණිස විය හැකි බවට ද සමහර පාර්ශ්ව සැක මතු කළෝය.

මෙම වෛද්‍ය පරීක්ෂාව ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලය තුළ කෙරුණු සිව්වැනි වෛද්‍ය පරීක්ෂාව වීම ද විශේෂ අවධානයට ලක් වූ කාරණයකි. ඔහු දෙවැනි ධුර කාලය සඳහා දිව්රුම් දුන්නේ 2025 ජනවාරි මාසයේ යි. පසුගිය මාස 13 ක කාලය තුළ ඔහු තුන් වතාවක් වෛද්‍ය පරීක්ෂාවන් සඳහා ගොස් තිබිණි.
ට්‍රම්ප් ගේ වයස අනුවත් ඔහු සියයට සියයක් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටිනවාය යන්න විශ්වාස කිරීමට බොහෝ දෙනා මැලි වන බව පෙනේ. ජුනි 14 වැනි දින ඔහු 80 වැනි විය සම්පූර්ණ කරයි.
ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපති පදවියට පත් වියපත්ම පුද්ගලයා ද ට්‍රම්ප් ය. 2025 ජනවාරි 20 වැනි දින ඔහු දිව්රුම් දෙද්දී ඔහුගේ වයස අවුරුදු 78 කුත් දින 220 ක් විය. ඊට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් ය. 2021 ජනවාරි 20 වැනි දින ධුරයේ දිව්රුම් දෙද්දී බයිඩ්න්ගේ වයස වූයේ අවුරුදු 78 කුත් දින 61 කි.
ට්‍රම්ප්ගේ මානසික තියුණු බව සම්බන්ධයෙන් ද මේ වනවිට බොහෝ දෙනාට සැකසංකා පවතින ආකාරයක් දැකිය හැකි වේ. ඔහු බොහෝ අවස්ථාවල අපැහැදිලි සහ පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කරන ආකාරය, සිය ස්ථාවරයන් මොහොතින් මොහොත වෙනස් කරන ආකාරය ආදිය පිලිබඳව මෙකල බොහෝ දෙනා ප්‍රශ්න කරනු පෙනේ. ඉරාන යුද්ධයට අදාලව ඔහු කරන ප්‍රකාශයන් තුළ ද මේ තත්වය දැකිය හැකි වේ.
එමෙන්ම ට්‍රම්ප් ඉතා ඉහළ පෙළේ සාකච්ඡා අතර පවා දිගු වේලාවන් ඇස් පියාගෙන සිටීම, සමහර අවස්ථාවල නිදි කිරා වැටීම වැනි කාරණා ද මේ කාලයේ නිතර මාධ්‍ය තුළ කතාබහට ලක් වෙයි. ඔහු නින්ද නොයාමේ රෝගයකින් ද පෙළෙනවා විය හැකි බව බොහෝ දෙනා කල්පනා කරන ආකාරයක් දැකිය හැකි වේ. ට්‍රම්ප් මහ රෑ දෙකට තුනට පවා නිදි වරාගෙන සමාජ මාධ්‍ය පෝස්ටු පළ කිරීම මෙවැනි අදහසක් ඇති වීමට ප්‍රධාන හේතුවකි. රාත්‍රි 10 සිට පසු දා උදෑසන 8 දක්වා පෝස්ටු 50-150 අතර සංඛ්‍යාවක් පළ කළ අවස්ථා ගැන ද පසුගිය කාලයේ වාර්තා වී තිබිණ.
මේ අතර ඔහුගේ පාද ඉදිමීමේ තත්වයක් ගැන ද පසුගිය වසරේ විශාල අවධානයක් යොමු විය. මෙයට හේතුව cronic venous insufficiency නැමැති කාරණයක් බව පැවසිණි. මෙය වියපත් පුද්ගලයන් තුළ සුළභව දැකිය හැකි තත්වයක් ලෙස සැලකේ.

මෙහිදී සිදුවන්නේ හෘදය වස්තුවේ සිට පාද දක්වා ගමන් කරන රුධිරය ආපසු හෘදය වස්තුව කරා පැමිණීමේ දී යම් අවහිරයකට ලක් වීම යි. මේ නිසා රුධිරය පාදවල පහළ කොටස්වල එක් රැස්වීමෙන් ඉදිමීමක් ඇති වේ. මෙය සිදුවන්නේ නහර දුර්වලවීම වැනි කාරණා නිසා ය.
ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරීම සඳහා සුදුසු කායික මානසික තත්වයක නැති බව මේ වනවිට ඇමරිකානුවන් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ. මෑතක කරන ලද ජනමත සමීක්ෂණවලින් ද මේ බව තහවුරු වී ඇත.
එක් සමීක්ෂණයකට අනුව ඇමරිකානු ජනතාවගෙන් 59% ක් සිතන්නේ ජනාධිපති ධුරයේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය මානසික තියුණු බව ට්‍රම්ප් තුළ මේ වනවිට නැති බව යි. ජනාධිපතිවරයාගේ කායික සෞඛ්‍යය පිලිබඳව ජනතාවගේ අදහස ගැන ද මෙම සමීක්ෂණයේ දී අවධානය යොමු කර තිබිණි. ජනාධිපති ධුරයේ වගකීම් නිසි ආකාරයෙන් ඉටු කිරීම සඳහා අවශ්‍ය කායික සෞඛ්‍යයක් ට්‍රම්ප් තුළ නැති බව ජනතාවගෙන් 55% කගේ අදහස බව එහි දී පෙනී ගොස් තිබිණි.

නිහාල් පීරිස්