දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙරවරුවේ විශේෂ ‘රතු’ නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම මත මෙම තීරණය ගෙන ඇත.අද උදෑසන 9.30 ට නිකුත් කරන ලද මෙම රතු නිවේදනය හෙට (15) උදෑසන 8.30 දක්වා වලංගු වේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්.සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක. සඳහා දැඩි අවධානය යොමු කර ඇත:
පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කළද, ඉහත සඳහන් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එමඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.ගංවතුර හෝ නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, හදිසි අවස්ථාවකදී සහන සේවා කණ්ඩායම් දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.