දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කොට තිබේ.ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) ලබා දුන් අනුමැතියට යටත්වය.අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන, සාගර කාරියවසම්, නිමල් සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය අනුලා විජේසුන්දර යන සාමාජිකයන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට ඉදිරිපත් කරනු යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කබීර් හෂිම් මන්ත්‍රීවරයා යෝජනාවට විරුද්ධව ඡන්දය දී තිබේ.ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය සහ ආචාර්ය ප්‍රතාප් රාමනුජන් මහතා ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.මේ අනුව කතානායක වරයා තීරක ඡන්දය පක්ෂව පාවිච්චි කිරීමෙන් යෝජනාව ස්ථිර කෙරුණු බව දැනගන්නට ඇත.දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථීර කිරීමට අදාල යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබිණ.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(26) පෙරවරුවේ රැස්විය.

කාලීන පුවත්