නැගෙනහිරට යවන්න සිටි ගවයන් දහ තුනක් වස්කඩුවේ දී හොරු අරන් ගිහින්!

නැගෙනහිර පළාතේ ගොවිපලවලට භාර දීමට සිටි කළුතර සහ පානදුර යන ප්‍රදේශ වල අයාලේ යන ගවයින් දහතුන් දෙනෙකු වස්කඩුවේ වාඩියවත්ත ක්‍රීඩාපිටියක ගාල්කර සිටිය දී අද(28) අලුයම අතුරුදහන්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.දකුණු දුම්රිය මාර්ගයේ මෙන්ම ගාලුපාරේ ද නිරන්තරව සැරිසරමින් සිටි මෙම ගවයන් ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවලද සහාය ඇතිව නැගෙනහිර පළාතේ ගොවිපල් වෙත රැගෙන ගොස් භාරදීම පිණිස ගාල් කොට සිටිය දී සංවිධානාත්මක පිරිසක් විසින් මෙසේ පැහැර ගෙන යන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක කරති.

කාලීන පුවත්