ඉන්දියානු ඖෂධ ගනුදෙනුව අධිකරණයට

ප‍්‍රශ්නගත ඉන්දියානු ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ඉදිරි සතියේ දී අධිකරණ ක‍්‍රියාමාර්ග වෙත යොමු වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා ප‍්‍රකාශ කරයි.ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ ඖෂධ වර්ග එක් දහස් තුන් සියයක් පමණ වෙළඳපොලේ ඇතත් පාලන මිලට යටත් වන්නේ ඖෂධ වර්ග 100 ක් පමණක් බවකි.නමුදු මිල අඩුකිරීම සම්බන්ධයෙන් වන ඖෂධ ලැයිස්තුව සකස් කිරීම සදහා කමිටුවක් පත් කිරීමට සෙඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

කාලීන පුවත්