ප්‍රදේශ කිහිපයකට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම් අත්හිටුවීම සිදුකරන බවයි එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අද (06) පෙරවරු 9.00 සිට ඔක්තෝබර් 08 වනදා පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බව සඳහන්.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළකර සිටියි.

එමෙන්ම, එම කාලය සඳහා රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසද මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්