පොරොන්දු ඉටු කරන්නැයි කිරිඇල්ල ඉල්ලයි

කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේ ය.

ඒ, අද (22) පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමිනි.

මෙම ධුර විපක්ෂයට ලබා දෙන බවට ගත වූ අරගල සමයේ දී කථානායකවරයා විපක්ෂයට ලිඛිත ව පොරොන්දු වූ බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ ය.

ඒ අනුව අදාළ තත්ත්වය පිළිබඳ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානයට යොමු කරන බව නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

කාලීන පුවත්