පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ඊයේ (27) පස්වරුව වන විට දිවයින පුරා දන්සැල් 18129ක් ලියාපදිංචි වී ඇති බවයි.සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට (29) සහ අනිද්දා (30) පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කරන බව ඔහු අවධාරණය කරයි.
පොසොන් කලාප ආශ්රයෙන් පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් පරීක්ෂාව එම සතිය පුරාවට සිදු කිරීමට නියමිතයි.